.... ..................................................................................................................................................................................................................................................................................

Friday, April 6, 2012

පොට පැනපු

සිතුවිලි කරාමය..

සිත් කලය

පුරවයි සැනින් සැන..

පිරුණුවිට එය..

හළමි හැම තැන

කිසිවෙකුත් හට

නොවන කරදර

"බොහො" දුරසිට..

පැමිනි ජලකඳ.

සිත් ගඟුලෙවූ

පුරුදු ජලකඳ..

"නුඹම" වෙනුවෙන්..

පුදමි හැම දින..

හිඳෙන තෙක්

සිතුවිලි තටාකය...!!!

Monday, May 30, 2011


දිවි නැමති මග මැදක.

මල් පිරුණු බිමක් ඇත..

කටු පිරුණු මාවතක

ඒබිමට යාම ඇත..

ඒ දකින ඇගෙ නෙත

උපන් ඒ සෙනෙහසින්..

කිරි නොවූ ඉතිරි ලෙ..

දහදියට පෙරළලා..

මගෙ ඇති ඒ තියුණු

කටු ඉවත් කරනවාලු..

මග දිගෙ එන මගෙ..

පා සටහන් බලා

ලෙ කැලැල් තිබෙ දැයි..

නිති විමසනවාලු..

මහ සමුදුරටත් වැඩිය..

කඳුළු වැටුනද නුඹෙන්..

දකින්නට "එ දිනය"

එකම එක කඳුලක්..

ඉතිරි කර ගන්නවාලු..

නුඹය නුඹමය..

මා වැදූ මගෙ අම්මෙ..!!!

Wednesday, April 6, 2011



වත්ත පහළ

පාළු ළිඳ...!!

උබටත්

මටත්

වැඩකට නැති...


ඉඳහිට

හොරෙන් එබෙන

...!!!

(ප්‍රථම පෙම )













Sunday, January 30, 2011


ලොතරැයිය
~~~~~~~


වරක්

පමණක් ඇදෙන..



ඇදෙන තෙක්.

සිහින මවන



නෑ දුනු පසු

කුණු කූඩෙට..!!


සමහරවිට

මතකෙට..


කාවො කනතුරු

පොත අස්සට..!!!

Saturday, January 29, 2011


අඳුරට

ගිලුනු

හිත..

බියව ගැහෙයි..

නුදුටු

එලියට..!!!


Wednesday, January 5, 2011



බෝල් ඩාන්ස්
~~~~~~~~~~
අත ඇල්ලු
වරදට
කරකාපි මාව
අතොරක් නැතිව
කලන්තේ අල්ලා
නැවුණු මට
අල්ලාපි
උල් සපත්තුව..!!

Sunday, December 19, 2010


තටු
~~~

නැති විට
ඉගිලෙන්න
හිතෙන..
ඇතිවිට
කූඩු වල
ලගින..!!