.... ..................................................................................................................................................................................................................................................................................

Sunday, December 19, 2010


තටු
~~~

නැති විට
ඉගිලෙන්න
හිතෙන..
ඇතිවිට
කූඩු වල
ලගින..!!


බොරුව
~~~~~

විඳින විට
රසය...
විඳවන විට
අමා රසය..!!!

පාසැල් ගුරුතුමා
~~~~~~~~~~

ලෙ පැහැවූ
ගිරිය
පිරුනු මන
හිස් වූ
පසුම්බිය..!!!
(අ )භව්‍ය පෙම
~~~~~~~~~
උබට සෙල්ලමකි
රට්ටුන්ට විහිලුවකි
මට හිතලුවකි..!!!

Friday, December 17, 2010

නරි වදන
~~~~~~~
හඳෙ කිරි
තිත්තයි
පැනි දැම්මත්
තිත්තයි...!!

Sunday, December 12, 2010

අනන්තය
````````````````````````

සමාන්තර
රෙඛාව
පමණක් දකින
මම
නොදකින..!!

අනිච්ඡානුග
-------------

වළාකුළු මත
ළගින සෙනෙහස
කඩා වැටෙතැයි
කියා හිතුවට
බලන් සකිසඳ
මහා ජල කඳ
දරා සිටි යුරු
කළු වලාකුල..!!

Friday, December 3, 2010





කාන්තාව කැටුව යන බල්ලා
~~~~~~~~~~~~~~~~~~
කටු කෑවට
අද
මට තියන ඉල්ලුම
එදා...
ගල් ගහපු
කොල්ලොත්
චොකල්ට් දෙන්න
හදනවා නෙ
මට
පෙන්නන්ට ඔනි
මගෙ
උජාරුව...!!

Tuesday, November 30, 2010


ඇණ
~~~
පැන
ගිය හීන
අල්ලා
රාමුකොට
හිත් බිතු
සැරසීමට
නුඹෙන්
මට
...!!

Saturday, November 27, 2010


හීන
~~~
හිත් මැදුරෙ

බින්න බහින

ද්වි මාන

ගන්ධබ්භ රූප

කයක්

හිඟමින්

ඉගිලෙන..!!!




අවංකකම
~~~~~~~
රන්මුතු

ඔබ්බවා හැදූ

උඩු සාක්කුවෙ

හිලක් ඇති

රජ ඇඳුම...!!

Friday, November 26, 2010




තට්ටයා
~~~~~

කෙස් ගානට

නුඹව..

මතක් වන

බැවින්

හිස් මුඩුකර

ගතිමි..!!

Thursday, November 25, 2010





ටැංකියෙන් කරාමය(ට )
~~~~~~~~~~~~~~~
වාන් දමනා තුරුත්

ඉවසන් සිටිමි

ජල කඳ...

පොට පනින තරමටම

අරින වහනා විටදි

ඒ සෙනෙහෙ ජල කඳට

අරියාදු නොකරන්න..

සිරකරන් සිටිනයුරු

ඇස්පියා විඳවමි..

දුටු නුදුටු සෙයින් හිට....!!