.... ..................................................................................................................................................................................................................................................................................

Monday, May 30, 2011


දිවි නැමති මග මැදක.

මල් පිරුණු බිමක් ඇත..

කටු පිරුණු මාවතක

ඒබිමට යාම ඇත..

ඒ දකින ඇගෙ නෙත

උපන් ඒ සෙනෙහසින්..

කිරි නොවූ ඉතිරි ලෙ..

දහදියට පෙරළලා..

මගෙ ඇති ඒ තියුණු

කටු ඉවත් කරනවාලු..

මග දිගෙ එන මගෙ..

පා සටහන් බලා

ලෙ කැලැල් තිබෙ දැයි..

නිති විමසනවාලු..

මහ සමුදුරටත් වැඩිය..

කඳුළු වැටුනද නුඹෙන්..

දකින්නට "එ දිනය"

එකම එක කඳුලක්..

ඉතිරි කර ගන්නවාලු..

නුඹය නුඹමය..

මා වැදූ මගෙ අම්මෙ..!!!