.... ..................................................................................................................................................................................................................................................................................

Tuesday, November 30, 2010


ඇණ
~~~
පැන
ගිය හීන
අල්ලා
රාමුකොට
හිත් බිතු
සැරසීමට
නුඹෙන්
මට
...!!

Saturday, November 27, 2010


හීන
~~~
හිත් මැදුරෙ

බින්න බහින

ද්වි මාන

ගන්ධබ්භ රූප

කයක්

හිඟමින්

ඉගිලෙන..!!!




අවංකකම
~~~~~~~
රන්මුතු

ඔබ්බවා හැදූ

උඩු සාක්කුවෙ

හිලක් ඇති

රජ ඇඳුම...!!

Friday, November 26, 2010




තට්ටයා
~~~~~

කෙස් ගානට

නුඹව..

මතක් වන

බැවින්

හිස් මුඩුකර

ගතිමි..!!

Thursday, November 25, 2010





ටැංකියෙන් කරාමය(ට )
~~~~~~~~~~~~~~~
වාන් දමනා තුරුත්

ඉවසන් සිටිමි

ජල කඳ...

පොට පනින තරමටම

අරින වහනා විටදි

ඒ සෙනෙහෙ ජල කඳට

අරියාදු නොකරන්න..

සිරකරන් සිටිනයුරු

ඇස්පියා විඳවමි..

දුටු නුදුටු සෙයින් හිට....!!